ශ්‍රී ලංකා මහබැංකු විශ්‍රාමික සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුහද හමුව මෙවරත් 2023 අගෝස්තු මස 13 වන ඉරුදින දකුණුලක වෙරළබඩ වාද්දුව තල්පිටිය ලායා හෝටලයේදී පැවැත්විණි.

ඒ සඳහා සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූ අතර පිහිණුම් තටාක ජල ක්‍රීඩා හා රසවත් ආහාර පාන ඔවුන්ගේ සිත් දිනාගත් බවක් පෙනෙන්නට තිබිණ.

විනෝද ක්‍රීඩා, ගී රසාංග මෙන්ම ආගිය කතාවලින් රසවත් වු සුහද හමුව තවත් දිගු කළකට සිත්වලින් මැකී නොයන බවක් ඔවුන්ගේ ප්‍රීතිමත් මුහුණුවලින් දක්නට ලැබිණ.

විවිධ තරඟ ඉසව් වලින් ජය ලැබූවන් ඒ සඳහා ත්‍යාග ලබාගැනීමේදී පෙන්වා සිටියේ වියපත් වුවද හැකියාවන් තවදුරටත් එළෙසම පවතින බවය.
ඒ හා සබැඳි ඡායාරූපය රැසක් මෙහි පළකරන්නේ ඔබගේම සොයුරු සොයුරින්ගේ සිනාවත දැකීමම ඔබට සතුටක් ගෙන දෙන නිසාවෙනි.