26 වන මතක සැමරුම…..!

ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල වූ රුදුරු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහෘදයන් අනුස්මරණය කිරීම සඳහා මහ බැංකු බෞද්ධ සංගමය විසින් 26 වන වරටත් සංවිධානය කළ ධර්ම දේශනාව 2022 ජනවාරි 27 වන දින විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් මහ බැංකු සන්ථාගාරයේදී පවත්වන ලදී..

මියගිය සහෘදයන් වෙනුවෙන් 2022 ජනවාරි 31 දින හින්දු ආගමික පූජාවක් කොච්චිකඩේ ශ්‍රී පොන්නම්බලවානේස්වරම් කෝවිලේ ද, කතෝලික සංගමය මහ බැංකු සන්ථාගාරයේද මුස්ලිම් ආගමික පූජාවක් කොටුව ජුම්මා මස්ජිද් පල්ලියේ ද පැවැත්විණි. 10.35 පැයට මහ බැංකු අධිපති තුමා ඇතුළු නියෝජ්‍ය අධිපතිවරුන්. සහකාර අධිපතිවරුන් හා ඉහළ කලමනාකාරිත්වය ස්මාරකය අසලට පැමිණීමෙන් පසු පුෂ්පෝපහාර පුද කල අතර මහ බැංකු වෘත්තිය සංගම් නිලධාරීන්, විශ්‍රාමික සංගම් නිලධාරීන්, මියගිය සහෘදයන් ගේ ඥාතින් ද පුෂ්පෝපහාර දක්වා මියගිය සේවක මහත්ම මහත්මීන් උදෙසා සිය ගෞරවය පළකරන ලදී. පෙ. ව. 10.49 පැයට විනාඩි 2ක නිහඩතාවය පළකරමින් කෘතඥතාවය දක්වන ලදී. ඉන් අනතුරුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුව වෙනුවෙන් දිවි පිදූ ඔවුන්ගේ කැප කිරීම අගයමින් කෙටි දේශනයක් කරන ලදී. එදින දහවල් මහා සංඝරත්නය වෙනුවෙන් සංඝ ගත දක්ෂිණාවක් පවත්වා පින් අනුමෝදන් කිරීමෙන් පසු උත්සවයේ කටයුතු අවසන් විය.