- February 12, 2023
- Posted by: admin
- Category: Uncategorized
No Comments

මෙම ඡායාරූප 2023 ජනවාරි 30 සහ 31 දින පැවැති 27 වන ගුණානුස්මරණ උත්සවයට අදාළ ඡායාරූප රූප හා විස්තරයි.
!! ආවර්ජනා…!!
ගෙවී ගිය සත් විසි වසර රිඳුම් දෙන තුවාලයකි වේදනාවෙන් නිතර පෑරෙන හැරගිය සොයුරු සොයුරියන් නොයේ යළි මහ ගෙදර…! කැමරා ඇසින් ලොව දුටු කළාකාමී සොඳුරු දෙනයන තිමිර පටියකින් දැවටී අදත් කළුවර යි ඔහු හාත්පස…!! ඇස ඉස මසද දන් දී මහ ගෙදර අළු මතින් නැඟිටුවා ජීවය කවා පරපුරක අබිමන දුන් අයත් දැන් ඉසිඹු ලැබ….! අපේ දෙවෙනි මව නැමඳ නුඹ දෙපා සමු ගනිමු දැං ඉතිං තවත් හෙටකට නුඹේ රැකවරණය පතා…..! මතක සුවඳ රඳවා අප අතරින් වෙන්ව ගිය ඔබ සැමට නිවන් සුව ලැබේවා. රෝගාබාධයන්ට ලක්ව මේ දක්වාත් එයින් පීඩා විඳින අපගේ සහෘදයන් හට සුවය ලැබේවා.