2024 ජනවාරි මස 31 දින පවත්වන ලද අනුස්මරණ උත්සවයේ විශේෂ අවස්ථාවන්

ආවර්ජනා….!!!

ගෙවී ගිය විසි අට වසර
රිඳුම් දෙන තුවාලයකි
වේදනාවෙන් නිතර පෑරෙන
හැරගිය සොයුරු සොයුරියන්
නොයේ යළි මහ ගෙදර…!
කැමරා ඇසින් ලොව දුටු
කළාකාමී සොඳුරු දෙනයන
තිමිර පටියකින් දැවටී
අදත් කළුවර යි ඔහු හාත්පස…!!
ඇස ඉස මසද දන් දී
මහ ගෙදර අළු මතින් නැඟිටුවා
ජීවය කවා පරපුරක අබිමන
දුන් අයත් දැන් ඉසිඹු ලැබ….!
අපේ දෙවෙනි මව නැමඳ නුඹ දෙපා
සමු ගනිමු දැං ඉතිං
තවත් හෙටකට නුඹේ
රැකවරණය පතා…..!

මතක සුවඳ රඳවා අප අතරින් වෙන්ව ගිය ඔබ සැමට නිවන් සුව ලැබේවා.
රෝගාබාධයන්ට ලක්ව මේ දක්වාත් එයින් පීඩා විඳින අපගේ සහෘදයන් හට සුවය ලැබේවා.

රුදුරු ත්‍රස්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයක ගොදුරු බවට පත් ශ්‍රී ලංකා මහබැංකුවේ අපගේ සහෘදයන් 41 දෙනෙකු සිය වටිනා ජීවිත කැපකලේ නොකල වරදක් හේතුවෙනි.
ඔවුන් මතු ජීවිතය සැපවත් වීමටත් එම ප්‍රහාරයට ලක්ව මෙතෙක් සුවකළ නොහැකි රෝගාබාධවලට ලක්ව ශාරීරික හා මානසික වශයෙන් වේදනා විඳින හිතවතුන්ට සෙත් පැතීමටත් 2024 ජනවාරි 30 දින සිට සියළුම ආගමික පුජක පක්ෂයන් විසින් එකී මෙහෙයන් පවත්වන ලදි.
2024 ජනවාරි මස 31 දින පවත්වන ලද අනුස්මරණ උත්සවයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් ඔබගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ලංකා මහබැංකු විශ්‍රාමික සංගමය

———————————————————————————————————————————————-

ඡායාරූප අනුග්‍රහය
ගාමිණී ජයරත්න මහතා
පද්මිණී විජේරත්න මහත්මිය
ජගත් කාරියවසම් විසින්